බූකිනා ෆාසෝ ජනපති නෙරපා, හමුදාව බලය අල්ලයි

ජන 25, 2022

    ජනාධිපති රෝච් කබොරේ නෙරපා තමන් බලය අල්ලාගත් බව බූකිනා ෆාසෝ හමුදාව පවසයි.

    එරට ජාතික රූපාවහිනී නාලිකා ඔස්සේ නිවේදනයක් නිකුත්කරමින් බූකිනා ෆාසෝ හමුදාවේ නිලධාරියෙකු ඒ බව පවසා ඇත. ඒ අනුව ඊයේ (24) සිට රජය සහ පාර්ලිමේන්තුව මේ සමග විසුරුවා හැරිය බවත් ඔහු පවසා තිබේ.

    තවද බූකිනා ෆාසෝ හි දේශසීමා මේ සමග වසා තැබෙන බවත් ඔහු පවසා ඇත.

    එමෙන්ම ලුතිතන් කර්නල් පෝල් ඩඹීබේ එරට නව නාකයා ලෙසත් නම් කර තිබේ.

    අවි ගත් කණ්ඩායම් මගින් සිදුවන ප්‍රහාරවලින් එරට ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් රට තුළ වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය පාලනයට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව ද එරට හමුදා නායකයෝ චෝදනා කරති.

    බූකිනා ෆාසෝ ජනාධිපති රෝච් කබොරේ මේ වන විට රහසිගත ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 25 ජනවාරි 2022 12:16

    Latest News