ඩෙන්මාක බුද්ධි අංශයට චෝදනාවක්

මැයි 31, 2021

    යුරෝපා රටවල රාජ්‍ය නායකයින් හා අනෙකුත් දේපාලනයින්ගේ ඔත්තු බැලීමට අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට සහය වූ බවට ඩෙන්මාකයට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ ඩෙන්මාක බුද්ධි අංශයටයි.

    ඔවුන් ජර්මනිය,ප්‍රංශය,ස්වීඩනය හා නෝර්වේ යන රටවල රාජ්‍ය නායකයින් හා දේශපාලනඥයින් පිළිබඳ බුද්ධි තොරතුරු ලබාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    2012 සිට 2014 දක්වා කාල සීමාව තුළ ඔවුන් ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් පිළිබඳ ඔත්තු බලා ඇති බවට ඩෙන්මාර්ක මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකාවට එරෙහි මේ හා සමාන චෝදනාවක් 2013 දී ද එල්ල විය. ඒ අමෙරිකාව ජර්මානු චාන්සලර්වරියගේ දුරකථනයට රහසේ සවන් දෙන බවටයි.

    එම අවස්ථාවේ අමෙරිකාව සඳහන් කර සිටියේ, තමන් ඒ වන විට මෙන්ම ඉන් ඉදිරියට එවැනි ක්‍රියාවකින් වැළකී සිටින බවයි.
    එහෙත් ඊට පෙර ඔවුන් එය සිදුකළ බව ප්‍රතික්ෂේපර කර සිටියේ නැත.

    Last modified on සදුදා, 31 මැයි 2021 10:53

    Latest News