ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක්

මැයි 30, 2021

    ලෝක ජනගහනයෙන් 70%කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදෙන තුරු වසංගතය අවසන් නොවන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මෙය සිදු කළ හැක්කේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් එන්නත්කරණ වැඩසටහන තුළින් බව ඔවුන් පවසයි. මේ වනවිට ඉන්දියාව කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව තිබේ. අපනයන ක්ෂේත්‍රයේ කඩා වැටීමත් සමඟ එරට ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වන ඇගලුම් ක්ෂේත්‍රය ද විශාල බිඳ වැටීමකට ලක්ව ඇති බව එරට බලධාරීන් පවසයි.

    මේ අතර ඉන්දියාවේ කොවිඩ්-19 රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ. ගතවූ පැය 24 තුළ රෝගීන් 174,041 වාර්තා වුවද මරණ 3,614ක් සිදුව තිබේ. එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි 78 ලක්‍ෂ 94,800ක් වන අතර මරණ 325,998ක් සිදුව තිබේ.

    මේ අතර නවදිල්ලි නුවරට පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කෙරිණ.

    Latest News