ට්‍රම්ප් - කිම් ජොං හමුවට පෙර නියෝජිත හමුවක්

පෙබ 06, 2019

    මේ මස අග පැවැත්වීමට නියමිත අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන්ගේ සාකච්ජා සාර්ථක ලෙස පැවැත්වීමට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බව, උතුරු කොරියාව සම්බන්ධයෙන් පත්කර සිටින අමෙරිකානු නියෝජිත ස්ටීවන් බියගන් පවසයි.

    තම විශේෂ නියෝජිතයා උතුරු කොරියාවට ගිය බව, අමෙරිකා රජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය. අමෙරිකාවේ උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයා ලෙස පත්කර සිටින්නේ, ස්ටීවන් බියගන්ය.

    අමෙරිකාව වෙනුවෙන් පත්කර සිටින උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයා වන කිම් චෝල් සමග දෙරටේ නායකයින් අතර දෙවැනි සාකච්ජාව පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා පවත්වන බව, ස්ටීවන් බියගන් පැවසීය. මේ අතර ස්ටීවන් බියගන් සහ දකුණු කොරියානු නියෝජිතයන් අතර සාකච්ජා වට කිහිපයක් ඊයේ පැවැත්විණ.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 10:00

    Latest News