කිම් ‍ජොන් උන් ප්‍රථම වරට රට විවෘත කරයි

සැප් 05, 2023

    උතුරු කොරියානු නායක කිම් ‍ජොන් උන්, රුසියානු ජනාධිපති ‍ව්ලැද්මීර් පුටින් හමු වීමට සූදානම් වන බවට වාර්තා වනවා.


    කිම් ජොන් මේ මස රුසියාව බලා යෑමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    යුක්‍රේන - රුසියානු යුද්‍ධයේදී මොස්කව් වෙත තම ආයුධ සැපයීම සඳහා බලාපොරොත්තු වන බව, උතුරු කොරියානු නායක ප්‍රකාශ කොට ඇති අතර, ඒ පිළිබඳව දෙරටේ නායකයින් දෙපළ අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජොන් කර්බ් පැවසුවේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මෑතකදී උතුරු කොරියාවේ සිදු කළ සංචාරයකදී මේ පිළිබඳ සාකච්ඡා සිදු කළ බවයි. කොවිඩ් වසංගතයෙන් පසු උතුරු කොරියානු ජනාධිපතිවරයා විදේශීය අමුත්තන් සඳහා රට විවෘත කළ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වනවා. මේ මස උතුරු කොරියානු ජනාධිපතිවරයා රුසියානු සංචාරය සඳහා සන්නාසන්නද්ධ ආරක්ෂිත දුම්රියකින් රුසියාව බලා ගමන් කිරීමට සැලසුම් කොට ඇති බව, නිව්යොක් ටයිම්ස් මාධ්‍ය ප්‍රකාශ කොට තිබෙනවා. සැලසුම්කොට ඇති සාකච්ඡා පැවැත්වීමට නියමිත ස්ථානය මේ වන තෙක් නිෂ්චිතව ප්‍රකාශ කොට නොමැත.

    Latest News