රුසියාව නව මිසයිල පද්ධතියකට සැලසුම්

පෙබ 06, 2019

    රුසියාව, නව මිසයිල පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වෙයි.

    තම රටට එල්ල වන යුද තර්ජනවලට පිළියමක් ලෙස මෙම මිසයිල පද්ධතිය හඳුන්වාදීමට සූදානම් වන බවයි, රුසියාව පවසන්නේ. මෙම තීරණය ගෙන ඇත්තේ, රුසියාව හා අමෙරිකාව යන රටවල් දෙකම අන්තර්මධ්‍ය දුර මිසයිල ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමගයි. ඉදිරි වසර දෙක ඇතුළත ගොඩබිම සිට එල්ල කරන නව මිසයිල හඳුන්වා දෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු පවසයි.

    1987 වසරේ දී අත්සන් කරන ලද අන්තර්මධ්‍ය දුර මිසයිල තහනම් කිරීමේ ගිවිසුම යටතේ අමෙරිකාව සහ රුසියාව කිලෝ මීටර 500 සිට 5,500 දක්වා දුරකට ගොඩබිමේ සිට එල්ල කරන මිසයිල තහනම් කෙරිණ. නමුත්, න්‍කො හා සබ්මැරීනවල සිට එලල් කරනු ලබන මිසයිල තහනම් නොකෙරුණි.

    රුසියාව හා අමෙරිකාව ගිවිසුමෙන් ඉවත්වීම නිසා, යුරෝපීට රවලට කෙටිදුර මිසයිලවල අවදානමක් පවතින බවයි, ව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 09:19

    Latest News