30කට මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ බෝමබ ප්‍රහාරය

මැයි 01, 2021

    ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙක් මරණයට පත්ව තිබේ.

    මියගිය පුද්ගලයන් අතර අධ්‍යාපනය ලබන සිසුන් ද සිටින බව වාර්තා වෙයි.

    නැගෙනහිර ලෝගර් පළාතේ නවාතැන් පොළකට මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබිණ. ඊයේ පුපුරා ගිය මෙම බෝම්බය හේතුවෙන් තවත් 20කට වැඩි පිරිසක් ද තුවාල ලබා සිටියි.

    සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිඳු පාර්ශවයක් වගකීම බාරගෙන නැති අතර නවාතැන් පොළ අවට ගොඩනැගිලි වලට ද අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙයි.

    සැප්තැම්බර් 11 වැනි දින වන විට ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් රඳවා සිටින අමෙරිකානු භටයින් ඉවත් කරගන්නා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

    මෙම ප්‍රකාශයත් සමග ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩත්වය කෙමෙන් ඉහළ යන ස්වභාවයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

    Last modified on සෙනසුරාදා, 01 මැයි 2021 10:41

    Latest News