ඇමෙරිකානු පීඩනයෙන් ගොඩගන්න ෂිං ෂෝඅබේ චීනයට

ඔක් 25, 2018
    ජපාන අගමැති ෂිං ෂෝ අබේ චීනයේ නිල චාරිකාවක නිරත වෙයි. 
    දෙරට අතර ද්විපාර්ශවික සබඳතා නව මගකට යොමු කිරීම එහි අරමුණයි.  ලොව දෙවැනි සහ තෙවැනි විශාලතම ආර්ථිකවලට හිමිකම් කියන රටවල් අතර ගොඩනැගෙන මෙම සබඳතාව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ තර්ජනවලට පිළිතුරක් බවයි, විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
    ජපාන නායකයෙකු චීනයේ නිල චාරිකාවක නිරත වන්නේ, වසර 7කට පසුවයි.  අගමැති අබේ, තම තෙදින නිල චාරිකාවේ දී දෙරට අතර වෙළෙද සබඳතා ශක්තිමක් කර ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි. 
    ජපාන අගමැතිවරයා සමග 500ක පමණ වෙළෙඳ දූත පිරිසක් ද චාරිකාවට එක්වන බව වාර්තා වෙයි.
    චීන ජනාධිපති ෂී ජින් පිං සහ ෂිං ෂේ අබේ අතර හමුව හෙට පැවැත්වීමට නියමිතයි.
    අමෙරිකානු වෙළෙඳ සංග්‍රාමයෙන් පීඩාවට ලක්ව සිටින චීනය, ජපානයෙන් වැඩි අයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට, අපේක්ෂා කරයි.   
    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:17

    Latest News