ෂිංසෝ අබේගේ අවසන් කටයුතු අද

සැප් 27, 2022

    ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා  විදේශ රාජ්‍ය නායකයින් රැසක් ජපානයට පැමිණ සිටිනවා.

    පසුගිය ජුලි මස දේශපාලන රැලියක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් අබේ මහතා ජීවිතක්‍ෂයට පත් වුණා. මිය යන විට ඔහු 67  වැනි වියේ පසු වුණා. ජපානයේ වෙඩි තබා ඝාතනය කෙරුණු පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ද අබේ මහතා යි. ඔහු ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා ලෙස වාර්තා අතරට එක් වෙනවා. 

    කෙසේ වෙතත්, ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීම පිළිබඳව ජපාන වැසියන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. බොහෝ දෙනා පවසන්නේ, අධික වියදමක් දරමින් මෙවැනි අවමගුල් උත්සවයක් පැවැත්වීම අනවශ්‍ය කටයුත්තක් බවයි.

    මේ හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ අවසන් කටයුතු අති විශාල පොලිස් ආරක්ෂාවක් සහිතව සිදු කිරීමටයි, ජපාන රජය තීරණය කර ඇත්තේ.

    Latest News