ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා වෙඩි තැබීමකින් මරුට

ජූලි 08, 2022

    අද උදේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගත කෙරුණු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.



    නාරා නගරයේ පැවති දේශපාලන රැලියක් අතරතුරදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

    හිටපු අග්‍රාමාත්‍යවරයා රැලිය අමතමින් සිටියදී වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, වෙඩි වැදීමෙන් පසු ඔහු එම ස්ථානයේ ඇද වැටී ඇති බවයි, වාර්තා වන්නේ. ජපාන මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් බීබීසී ලෝක සේවය පවසන්නේ,

    පොලීසිය හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබූ 41 හැවිරිදි යමගාමී ටෙට්සුයා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීම සිදු වූ නාරා නගරයේ ජීවත්වන ඔහු, මේ සඳහා නිවසේ නිෂ්පාදනය කරන ලද, ගිනි අවියක් භාවිත කළ බවටයි අනුමත කරන්නේ.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරීපත් වූ ෂිං‍සෝ අබේ මහතා, අවස්ථා දෙකකදී එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබුවා. ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරනු ලැබුවේ ද අබේ මහතා විසින්. මිය යන විට 67 වියේ පසු වන ඔහු 2020 වසරේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් වුණා. අබේ මහතා මේ ඉරිදා පැවැත්වීමට නියමිත ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ අමාත්‍ය මණ්ඩල මැතිවරණයේ අපේක්ෂකයින්ට සහයෝගය ලබා දීමේ කටයුතුවල නිරතව සිටියා. ඔහු රැලියට සහභාගී වීමට තීරණය කර ඇත්තේ ද ඊයේ රාත්‍රියේදී.

    ජපානයේ වෙඩි තැබීමේ සිදු වීම් ඉතා විරල වන අතර, රාජ්‍ය නායකයින් සම්බන්ධයෙන් වෙඩි තැබීම් වාර්තා වන්නේ ද ඉතා කලාතුරකින්.

    Latest News