කොලොම්බියාවේ නායයෑමකින් 15ක් අතුරුදහන්

ඔක් 25, 2018
    ඊසාන දිග කොළොම්බියාවේ සිදුවූ නායයාමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 
    තවත් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.  සති තුනක සිට කොලොම්බියාවට නොකඩවා ඇඳ හැලුණු ධාරානිපාත වැසි හේතුවෙන්, අනතුරු සිදුව තිබේ.  දිස්ත්‍රික්ක 32න් 30කට වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.  
    බලපෑමට ලක්ව සිටින පවුල් සංඛ්‍යාව දෙලක්ෂ අසූදහසකට අධිකයි.  අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ද බලපෑම් එල්ල වී ඇත.
    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:16

    Latest News