ඔබාමාට හා හිලරිට බෝම්බ තර්ජනයක්

ඔක් 25, 2018

    හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත් විය.

    නිව්යෝර්ක්හි පිහිටි ටයිම් වෝර්නර් ගොඩනැගිල්ල වෙත ලැබී තිබූ අදාළ පාර්සල් පරීක්ෂා කර අතරතුර, එහි පුපුරන ද්‍රව්‍ය ඇති බවයි, හඳුනා ගැනිණ.

    අනතුරුව අදාළ ගොඩනැගිල්ලේ සියලු පරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

    සීඑන්එන් ප්‍රවෘත්ති කාර්යාලය ද එම ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. ඒ හේතුවෙන් එම කාර්යාලය ද සෝදිසි කිරීමට ලක් කළ බවට, වාර්තා විය.

    පුපුරන ද්‍රව්‍ය හමුවීමත් සමඟ හිටපු ජනාධිපති ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නිවාසවල ආරක්ෂාව ද තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 11:12

    Latest News