ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක්

ජූලි 08, 2022

    ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට අද වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ, නාරා නගරයේ පැවති දේශපාලන රැලියක් අතරතුරදී.



    හිටපු අග්‍රාමාත්‍යවරයා රැළිය අමතමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඔහුගේ පිටුපසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, වෙඩි වැදීමෙන් පසු ඔහු එම ස්ථානයේ ඇද වැටී ඇති බවයි, වාර්තා වන්නේ. ඔහුගේ තත්වය බරපතල බවයි, ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. බීබීසී ලෝක සේවය වාර්තා කරන්නේ, ජපාන මාධ්‍ය සඳහන් කරන ආකාරයට බොහෝ විට ඔහු මිය යෑමට ආසන්නව සිටින බවයි. හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබූ බවට සැකපිට පොලිසිය, 41 හැවිරිදි යමගාමී ටෙට්සුයා නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජපානයේ දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරනු ලැබුවේ අබේ මහතා විසින්. මේ වන විට 67 වියේ පසු වන ඔහු 2020 වසරේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් වුණා. අබේ මහතා මේ ඉරිදා පැවැත්වීමට නියමිත ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ අමාත්‍ය මණ්ඩල මැතිවරණයේ අපේක්ෂකයින්ට සහයෝගය ලබා දීමේ නිරතව සිටියා.

    Latest News