ඊශ්‍රායල මැතිවරණයේ කිසිඳු පක්ෂයකට බහුතරයක් නෑ

මාර් 24, 2021

    ඊශ්‍රායල මහ මැතිවරණයෙන් එරට කිසිඳු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වී තිබේ.

    කෙසේ වුවද,මෙය දක්ෂිණාංශික පක්ෂ හිමි කර ගත් විශාල ජයග්‍රහණයක් බවයි,අග්‍රාමාත්‍ය බෙන්ජමින් නොතන්යාහු කියා සිටියේ.

    ඊයේ පැවති මැතිවරණය,වසර 2ක් තුළ එරට පැවති සිව්වැනි මහ මැතිවරණයයි.

    නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය හිමි කර ගෙන ඇත්තේ ආසන 33ක් පමණයි. නමුත් ලිකුඩ් පක්ෂයට සහය දක්වන අනෙකුත් පක්ෂ දිනා ගනු ලබන ආසන සමග සමස්ත ආසන සංඛ්‍යාව 53ක් හෝ 54ක් විය හැකි බවට එරට මාධ්‍ය පුරෝකතනය කරයි.

    එරට මධ්‍ය වාමාංෂික පක්ෂය ආසන 59ක් දිනා ගනු ඇති බවට මින් පෙර ගණනය කළ ද මෙතෙක් ඔවුන්ට හිමි වී ඇත්තේ,ආසන 14ක් පමණයි.

    ආසන 120කින් සමන්විත නෙට්සෙට් නමින් හඳුන්වන එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි කර ගැනීමට නම් ආසන 61ක ප්‍රමාණයක් දිනා ගත යුතුයි.

    මින් පෙර පැවති මැතිවරණල දී ද නෙතන්යාහුගේ පක්ෂයට බහුතර බලයක් දිනා ගැනීමට හැකි නොවීය.

    Last modified on බදාදා, 24 මාර්තු 2021 10:12

    Latest News