2100 දී මිහිතලයෙන් අඩක් මාස 6ක්ම උණුසුම්

මාර් 25, 2021

    වසර 2100වන විට මිහිතලයේ අඩකට පමණ සෑම වසරකම මාස 6කට වැඩි කාලයක් පවත්නා ග්‍රීස්ම සෘතුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි,නවතම වාර්තා පෙන්වා දෙයි.

    භෞතික විද්‍යාත්මක පර්යේෂකයන්ගේ මූලිනත්වයෙන් ගෝලීය උණුසුම පිළිබඳ කරන ලද පර්යේෂණ මගින් මෙම තොරතුරු හෙළි වී තිබේ. සියවස අවසානය වන විට උතුරු අර්ධගෝලයේ ජීවත් වන බොහෝ දෙනෙක්ට අව් රශ්මිය ජීවිතයත්,මරණයත් අතර සටනක් බවට පත්විය හැකි බව විද්‍යාඥයින් මත පළ කරයි.

    දිගු ග්‍රීෂ්ම සෘතුව ඇතැමුන්ට ආස්වාදය දනවන පුවතක් වුවද,මෙම අධ්‍යයනය මගින් අනාවැකි පළ කොට ඇති වෙනස්කම්,බෙහෙවින් කනස්සල්ලට හේතුවන කරුණු බවට පත්ව තිබේ. එසේ දිගුකාලීන ග්‍රීෂ්ම සෘතුව මගින් ස්වභාවික පද්ධතියට කෙරෙන බලපෑම් මගින් සෞඛ්‍ය කෘෂි කර්මාන්ත හා වන සත්ව යන අංශවලට බලපෑම් එල්ල වීමේ තර්ජනයක් පවතියි.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්‍රීෂ්ම සෘතුව වඩාත් දිගු මෙන්ම,උණුසුම් වන අතරම, ශීත සෘතුව වඩාත් කෙටි කාලයක් තුළ පවතින බව නව වාර්තා පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 14:55

    Latest News