ටැන්සානියාවේ ජනපති අභාවප්‍රාප්ත වෙයි

මාර් 18, 2021

    ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆූලි අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට වසර අවුරුදු 61ක්. හෘදයාබාධාවක් වැළඳී ඊයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව එරට රජය පවසයි.

    ජෝන් මගුෆූලි දෙසතියක කාලයක සිට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී නොමැත.

    ඇතැමුන් සැකකලේ ඔහු කොරෝනා ආසාදිතයෙක් වී ඇති බවයි. එහෙත් සෞඛ්‍ය වාර්තා අනූව ඔහුට වැළඳී ඇත්තේ හෘදයාබාධයක් බව එරට රජය ප්‍රකාශ කළේය.

    අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා වෙනුවෙන් දින 14ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 මාර්තු 2021 10:50

    Latest News