තුම්බිකුලම රක්ෂිතයේ වන අලි 4ක් මිය ගිහින්..

සැප් 27, 2019

    හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ හා රක්ෂිතයට යාබද පිහිටි තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී වන අලි 04 දෙනෙක් මියගොස් තිබේ.

    මියගිය වන අලින් 04 දෙනාම ගැහැණු සතුන් වන අතර එකිනෙකට ආසන්න ස්ථාන 04 ක දී මෙම සතුන් මියගොස් තිබේ. එයින් වන ඇතින්නක ද පැටවුන් බිහිකිරීමට සූදානම්ව සිටි බව වනජීවි නිළධාරීහු පවසති. මියගිය ඇතින්නන් 04 දෙනා වයස 25ත් 45 ත් අතර වන බව නිළධාරිහු වැඩිදුරත් පවසති. මියගිය සතුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ පශුවෛද්‍ය ‍එකකය විසින් සිදුකරගෙන යනු ලබයි.

    වන අලි මියගොස් සිටි ප්‍රදේශය මතින් අලි මංකඩක් පවතියි.  කළාවැව සිට සීගිරිය හා මින්නේරිය වන ප්‍රදේශ වලට මෙම සතුන් සංක්‍රමණය වන මාර්ගය අනවසර වගාකරුවන් විසින් අත්පත්කරගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් වන අලින් හට ඔවුන්ගේ මාර්ග සොයාගැනීමට අනවසර වගාකරුවන්ගේ භූමිය මතින් ගමන් කිරීමේ දී නොයෙකුත් පීඩා වලට ලක් වන බවත් සීගිරිය අඩවි ආරක්ෂක සී. බණ්ඩාරණායක මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 16:20

    Latest News