මෙරට වයස්ගතම කාන්තාව මියයයි

දෙසැ 30, 2020

    මෙරට වයස්ගතම කාන්තාව මියගියා. ඒ කළුතර, නාගොඩ මහ රෝහලේදී.

    මියයන විට ඇගේ වයස අවුරුදු 117ක්. කළුතර,දොඩම්ගොඩ,නෑහින්න,ක්ලෝඩන් වත්තේ පදිංචිකාරියක වූ ඇය නමින් පාප්පත්ති වේලු. ඇය උපත ලබා ඇත්තේ 1903 වසරේ මැයි තුන්වැනිදායි.

    සිංහල තරුණයෙක් සමග විවාහ වී සිටි පාප්පත්ති වේලු මහත්මිය දෙදරු මවක්. ඇගේ සැමියා මීට වසර 29කට පමණ ඉහත දී මියගොස් තිබේ. වේලු මහත්මියගේ දරුවන් පිළිබඳව මේ වන විට කිසිඳු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

    මෙරට වයස්ගතම පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා වැඩිහිටි ලේකම් කාර්යාලය,පාප්පත්ති වේලු මහත්මිය පිළිබඳ නිරන්තරයෙන් විමසා ලැබූ අතර ඉකුත් වසරේ ඇය වෙත උපහාර පිදීමක් ද සිදු කෙරිණ.

    Latest News