මියන්මාරයේ 70 කට අධික සිවිල් වැසියන් මරුට

මාර් 12, 2021

    මියන්මාරයේ හමුදා පාලනය මේ වනවිට 70 දෙදෙනෙකුට අධික සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

    මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු විසින් එම සංවිධානය වෙත ඒ පිළිබඳ තොරතුරු දැනුම් දී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

    මියන්මාරයේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව ජනතාව එම ක්‍රියාවට විරුද්ධව වීදි බැස සිටින්නේ, ඉකුත් පෙබරවාරි මස සිටයි. ජනතා විරෝධතා මැඩපැවැත්වීමට හමුදා පාලනය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අමානුෂික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත යුතු ක්‍රියාමාර්ග තවමත් සංවාදයට ලක්වෙමින් පවතී. මියන්මාරයෙන් දැනට ලැබෙන තොරතුරු අනුව අමානුෂික ලෙස ඝාතනයට ලක්වූවන්ගේ අඩකට ආසන්න පිරිසක් වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන්. ඊට අමතරව කුමන්ත්‍රණ හා ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැවින් 2000කට අධික පිරිසක් නීති විරෝධි ලෙස රඳවාගෙන සිටින බවද වාර්තා වේ.

    Latest News