එන්නත්කරනයට අමෙරිකාවේ ඩො.මිලියන 1.9ක සහන පනතක්

මාර් 11, 2021

    අමෙරිකාවේ ආර්ථිකය නැංවීමේ විශාලතම පියවරක් ලෙස ඩොලර් මිලියන 1.9ක සහන පනත් කෙටුම්පතක් සම්මත වී තිබේ.

    එමගින්,කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම, එන්නත් ක්‍රියාන්විත ශක්තිමත් කිරීමට අනුමැතිය හිමි වෙයි.

    අවසාන වශයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබාදීමෙන් අනතුරුව, ජනාධිපති ජෝ බයිඩන්ගේ සැලැස්මක් වන මුදල් ආධාර අමෙරිකානුවන්ට මෙලෙස හිමිවීමට නියමිතයි.

    බොහෝ අමෙරිකානුවන් හට මෙමගින් ඩොලර් මිලියන 400ක මුදලක් සෘජු ගෙවීම් සඳහා වෙන්කර තිබේ. ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවලට මෙන්ම බදු ණය පුළුල් කිරීම හා එන්නත් බෙදා හැරීමේ අරමුදල් වැඩි කිරීම සඳහා සෙසු මුදල් යෙදවීමට අපේක්ෂිතයි.

    මෙම පනත සම්මත කර ගැනුණේ, සති ගණනාවක් පුරා පැවති පක්ෂග්‍රාහී විවාද හා කොංග්‍රසයේ ගැටුම්වලින් පසුවයි. අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව අද වන විට 2 කෝටි 98 ලක්ෂ 62,000 ඉක්මවා ගොස් තිබේ.

    එරට මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 42,000කට අධිකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 මාර්තු 2021 09:21

    Latest News