ෆුකුෂිමාහි සුනාමි ව්‍යසනයට වසර 10ක්

මාර් 11, 2021

    ජපානයේ ෆුකුෂිමාහි සුනාමි සහ න්‍යෂ්ටික ව්‍යසනය සිදුවී අදට වසර 10ක් සපිරේ.

    එම සිද්ධියෙන් මියගිය පිරිස 20,000කට අධිකයි. 2011 මාර්තු 11 ජපානයේ ෆුකුෂිමා හි සිදුවූ මැග්නිටියුඩ් ඒකක 9ක භූ කම්පනයත් සමඟ හටගත් සුනාමිය ලොවම කම්පාවට පත් කළ සිදුවීමක්.

    සුනාමියත් සමඟ ප්‍රධාන පෙළේ න්‍යෂ්ටික බලාගාර තුනක් ද පුපුරා ගියේය. චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර පිපිරීමෙන් පසු බිහිසුනුම න්‍යෂ්ටික බලාගාර පිපිරුම වාර්තා වුයේ ෆුකුෂිමා නගරයෙන්.

    බලාගාරය පුපුරායාම නිසා ජපානයේ ස්වභාවික ගෑස් නිධිවලට බලපෑම් එල්ල විය. සුනාමියෙන් අතුරුදන් වූ පිරිස 2500කට අධිකයි. ව්‍යසනයට දස වසරක් පිරෙන අද, ජපාන වේලාවෙන් පස්වරු 2.46ට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස රජය ජනතාවට දැනුම් දී තිබිණ.

    මියගිය, තම ඥාතීන් සහ මිතුරන් සිහිකිරීම සඳහා බොහෝ පිරිසක් මල්කළඹ සහ සමරු සිහිවටන රැගෙන වෙරළබඩ කලාපයට හා සුසාන භූමි වෙත පැමිණ සිටියේය. ව්‍යසනය සිදුවී වසර 10ක් ගෙවී ගොස් ඇතත්, එහි අඳුරු මතකයන්ගෙන් ෆුකුෂිමා ජනතාව අදටත් දුක්ඛදායක තත්වයකට පත්ව සිටී.

    Latest News