කොරෝනා නිසා බ්‍රසීලය යළිත් දැඩි අවදානමක

මාර් 02, 2021

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රසීලය යළිත් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පාමින් තිබේ.

    විදෙස් වාර්තාවන්ට අනුව බ්‍රසීලයේ ප්‍රාන්ත 18 ක පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකකවල මේවනවිටත් සියයට 80 ක ධාරිතාව ඉක්මවා රෝගීන් ඇතුළත් කර තිබේ.

    ඉන් දැඩි සත්කාර ඒකක 09 ක්ම සියයට 90ක ධාරිතාව ඉක්මවා රෝගීන්ගෙන් පිරී ඇති බවයි පැවසෙන්නේ.

    තත්ත්වය හමුවේ බ්‍රසීලයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ආසන්න බවයි,විදෙස් වාර්තා පවසන්නේ. බ්‍රසීලය පුරා රෝහල් මේවනවිටත් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි.

    රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ගත හැකි රෝගීන් ප්‍රමාණය ද ඉක්මවා දෛනිකව අසාධ්‍ය රෝගීන් වාර්තා වෙමින් තිබේ.

    පවතින තත්ත්වය හමුවේ හැකි ඉක්මනින් දැඩි කොරෝනා රෙගුලාසි පනවන ලෙසයි සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 02 මාර්තු 2021 11:05

    Latest News