මෙක්සිකෝව කැළඹෙයි

ඔක් 24, 2018

    මෙක්සිකෝවට දරුණු සුළි කුණාටුවක බලපෑමක් එල්ල වී තිබේ.


    නැගෙනහිර වෙරළෙන් සුළි කුණාටුව මෙක්සිකෝවට ඇතුළු වී ඇති බව, වාර්තා වෙයි.


    පස්වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වූ විලා සුළි කුණාටුව මෙක්සිකෝවට ඇතුළු වී ඇත්තේ, තෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසයි. ඉස්ලා ඩෙල් බොස්කි ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

    සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩු වුවද, පැයට කිලෝ මීටර 200කට ආසන්න සුළඟේ වේගයක් පවතින බව ද බලධාරීන් පෙන්වා දෙයි. කාලගුණ බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ, අභ්‍යන්තර ස්ථානවල රැඳී සිටින ලෙසයි.

    සුළි කුණාටුව හේතුවෙන් පුවවෝ වැලාටා අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගැනුණි. විසෙන්ටේ සුළි කුණාටුවෙන් ද පසුගියදා මෙක්සිකෝවට බලපෑම් එල්ල විය.

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 12:09

    Latest News