දින 24ට ගිනිඅවි, පුපුරන ද්‍රව්‍ය 736ක් සොයා ගැනේ

ජූලි 01, 2020

    ඉකුත් දින 24 තුළ ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය 736ක් පොලිස් බාරයට ගෙන ඇතැයි, පොලිස් මුලස්ථානය පවසයි. පසුගිය 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ වැටලිම්වලදී අත්අඩංගුවට ගත් ගිනි අවි සංඛ්‍යාව 12ක්.

    බෝර 12 ගිනි අවි 26ක්,රිපීටර් 46ක්,ගල්කටස් 26ක්,පිස්තෝල 3ක් පොලිස් බාරයට ගැනුණු ගිනිඅවි අතර වෙයි. ඊට අමතරව,සජීව පතොරොම් 578ක් තම බාරයට ගත් බවයි, පොලිස් මූලස්ථානය පවන්නේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.


    මීට අමතරව පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 7කට අධික ප්‍රමාණයක් වන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 6,140ක්. ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද 5,000කට ආසන්න සැකකරුවන් පිරිසක් පොලිස් බාරයට ගෙන තිබේ. නීති විරෝධී මත්පැන් හා ඒ සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව 9,198ක් ද පොලිස් අත්අඩංගුවට පත් විය.

    Last modified on බදාදා, 01 ජූලි 2020 16:49

    Latest News