පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරු අත්අඩංගුවට

නොවැ 20, 2019

    බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ග‍ලයෙකු පොලිස් විශේෂ කාර්ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නිසි බලපත්‍රයක් නොමැතිව අලෙවි කිරිමට සුදානම් තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 52 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු ද ඊයේ (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    මෙම වැලීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 13:27

    Latest News