මුලතිව්හිදී පිපිරීමකින් පුද්ගලයෙක්ට බරපතලයි

පෙබ 09, 2020

    මුලතිව්,සිලාවත්ත ප්‍රදේශයෙ පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කරනු ලබන පුද්ගලයෙකු රැගෙන පැමිණි මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සහ කිරීමේ දී පුපුරා යෑමෙන් ඔහු බරපතල තුවාල ලබා මාංචෝලේ රෝහලට ඇතුළත් කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී මෝටාර් උණ්ඩ 03ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගෙන තිබේ. පුපුරණ ද්‍රව්‍ය හා මෝටාර් උණ්ඩ ළග තබා ගැනීම සම්බන්ධයෙන් නිවසේ පදිංචි සැකකාරිය හා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    සැකකරුවන් 69 හා 39 යන වයස්වල පසුවන්නන්. ඔවුන් අද දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මුලතිව් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 09:12

    Latest News