මියන්මාරය තුළ ට්විටර් - ඉන්ටර්ග්‍රෑම් අවහිර කරයි

පෙබ 06, 2021

    මියන්මාර හමුදා පාලනය එරට වැසියන්ට ට්විටර් සමාජ ජාලය සහ ඉන්ටර්ග්‍රෑම් වෙත පිවිසීමට ඊයේ (05) සිට අවහිර කර තිබේ.

    එරට ජනතාවට ෆේස්බුක් සමාජ ජාලය වෙත පිවිසීම අවහිරකර දිනකට පසුවයි හමුදා පාලනය මෙලෙස ඉන්ටර්ග්‍රෑම් සහ ට්විටර් සමාජ ජාලා වෙත පිවිසීම අවහිර කර තිබෙන්නේ.

    ෆේස්බුක් තහනම් කිරීමෙන් පසුව දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචීට හිතවාදීන් ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හමුදා පාලනයට එරෙහිව අදහස් පළ කිරීම මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට හේතුවිය.

    VPN තාක්ෂණය හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම ද අවහිර කිරීමටයි හමුදා පාලනය කටයුතු කර තිබෙන්නේ.

    පසුගිය සදුදා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ආරම්භ වූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 12:34

    Latest News