ලොව පුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23 ලක්ෂය ඉක්මවයි

පෙබ 07, 2021

    කොරෝනා ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දස කෝටි 63 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව 23 ලක්ෂ 20,000කට අධිකය. රෝගය වැළඳුණු හත්කෝටි 79 ලක්ෂයකට අධික පිරිසක් සුවය ලබා තිබේ.

    අමෙරිකාවේ කොරෝනා දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේත් ලක්ෂය ඉක්මවූ අතර, එම කාලසීමාවේ මරණ 2,730ක් සිදුව තිබේ. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 73,000කට අධිකයි. අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවට දෙකෝටි 75 ලක්ෂයක පිරිසක් ඇතුළත්.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 15:49

    Latest News