ට්විටර් ඊලෝන් මස්ක්ට අයිති වන ලකුණු

අප්‍රේ 26, 2022

    බිලියනපතියෙකු වන එලොන් මස්ක් ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීමට සූදානම් වේ.

    ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාගම, ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් හට අලෙවි කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ, ඔහු විසින් ඉදිරිපත් කරල ලද අමෙරිකානු ඩොලර් බිලියන 44ක ලංසුවකටයි.

    මුල දී මොහුගේ ලංසුවට ට්විටර් මණ්ඩලය අකමැත්ත ප්‍රකාශ කළ ද මේ වනවිට එම ගණුදෙනුව අනුමත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක්ගේ වත්කම්වල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 273.6ක්.

    මේ වන විටත් ට්විටර් සමාගමේ සියයට 09ක කොටස් හිමි ඊලෝන් මස්ක්, ඉතිරි සියයට 91ක කොටස් වෙනුවෙන් මෙම දැවැන්ත ලංසුව ඉදිරිපත් කර තිබිණි.

    ඊලෝන් මස්ක් විද්‍යුත් වාහන ලොව පෙරළියක් සිදු කළ ටෙස්ලා සමාගමේ මෙන්ම අභ්‍යාවකාශ තරණය නව මානයකට ගෙන ගිය ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයායි.

    2006 වසරේ එළි දැක්වූ ට්විටර් සතුව මේ වන විට සිටින ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 330කට අධිකයි.

    Latest News