ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු නෙදර්ලන්තයේදී අත්අඩංගුවට

ජන 24, 2021

    ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙක ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ඕස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවකට අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු ආසියාව පුරා ඩොලර් බිලියන 70ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට අනාවරණය වී තිබේ.

    පොලීසියට අවශ්‍යව සිටි 56 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News