ලැව්ගින්නෙන් දැවී ගිය කැලිෆෝනියා භූමිය

සැප් 08, 2020

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වසර තුළ වාර්තාගත ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ වන විටත් ප්‍රාන්තයේ ලැව්ගිනි විශාල සංඛ්‍යාවක් පවතින බවයි, වාර්තා වන්නේ. මේ වසර තුළ පමණක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් අක්කර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බවයි,ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. ඇතැම් ඒවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බවත්, බලධාරීන් පවසයි.

    එල්ඩොරාඩෝ හි ඇති වූ ලැව් ගින්න සාදයක ප්‍රතිඵලයක් ලෙස ඇතිවූවක් අතර ඒ හේතුවෙන් අක්කර 7,000ක් විනාශ වී ගොස් තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තය මේවන විට අධික උණුසුම් කාලගුණික තත්වයකින් ද පීඩා විඳින අතර ලොස්ඇන්ජලීස් ප්‍රදේශයෙන් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයත් පසුගිය ඉරිදා වාර්තා විය. එම අගය සෙල්සියස් අංශක 49.4ක්.

    Latest News