අගමැති බොරිස් ජොන්සන්ගේ තවත් ජයග්‍රහණයක්

දෙසැ 31, 2020

    බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර මෙතෙක් පැවති වෙළෙඳ සම්මුතිය නීත්‍යානුකූලව නිමාවට පත්ව තිබේ.

    යුරෝපා සංගමයෙන් වෙන්ව යාමට පක්ෂව,බ්‍රිතාන්‍ය ජනතාව ජනමත විචාරණයක දී ඡන්දය ප්‍රකාශ කොට වසර හතරක් ගත වීමෙන් අනතුරුවයි, මෙය සිදු වන්නේ.

    අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ කන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණයක් ලෙසයි,මෙය සැලකෙන්නේ. වෙළෙඳ සම්මුතියෙන් ඉවත්වීමේ නීතිරාමු සම්මත කිරීම අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සිදු විය. මන්ත්‍රීවරුන් 521ක් දෙනෙක්ගෙන් පාර්ලිමේන්තුව සමන්විතයි.

    වැඩි ඡන්ද 448කින් පනත සම්මත කර ගෙන ඇති අතර සාමි මන්ත්‍රී මණ්ඩලය තුළ තෙවැනි වර කියවීම මගින් සම්මත වී තිබේ.

    මේ වසරේ ජනවාරි මස 31 වැනිදින බ්‍රිතාන්‍යය,යුරෝපා සංගමයෙන් ඉවත්වුවද වෙළෙඳ සම්මුතිය තුළින් ඉවත් වීමට අදාළ සාකච්ජා මාස 9ක් පැවැත්විණ.

    බ්‍රිතාන්‍ය තමන්ගේම නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් තුළ වෙළෙඳ ගනුදෙනු සිදුකිරීම උදෙසා මෙලෙස යුරෝපා සංගමයේ වෙළෙඳ සම්මුතියෙන් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 දෙසැම්බර් 2020 11:20

    Latest News