තියුණු ආයුදයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කෙරේ

මාර් 17, 2021

    මොනරාගල ඇතිමලේ පොලිස් බලප්‍රදේශයේ කුඹුක් ගේ ආර හංදිය ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රි තියුණු ආයුදයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබේ.

    පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති අතර මෙසේ ඝාතනය වී ඇත්තේ තිස් අට හැහැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙක් ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි හතලිස් එක් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය. මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (17) සිදු කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News