දිපාවලී උත්සව දා බීමත්ව මුගුරකින් පහර දී සිව්දරු මවක් ජිවිතක්ෂයට

නොවැ 05, 2021

    දිපාවලී උත්සව දිනයේ අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයෙකු විසින් සිව්දරු මවකට මුගුරකින් හිසට පහර දි ඝාතනය කර ඇති බව වටවල පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ වටවල පොලිස් වසමට අයත් මවුන්ට්ජින් වත්තේ පදිංචි 55 හැවිරිදි සිව්දරු මවකි.

    පහරදුන් සැකකරු, මිය ගියගේ පවුලේ ඥාතින් සමග කාලයක් තිස්සේ ආරවුලක් පැවති බවත්, ඊයේ (04) දින උදැසන සිට ඔවුන් සමග වරින් වර ආරවුලක් ඇති කරගෙන තිබු බව වටවල පොලිසිය පැවසිය.

    පසුව ඔහු විසින් ඊයේ රාත්‍රි 7ට පමණ මිය ගිය අයගේ නිවසට පැමිණ ඇයගේ හිසට මුගුරකින් පහර දිමෙන් බරපතල තුවාල සිදුකර තිබේ.

    අනතුරින් තුවාල ලැබූ කාන්තාව වටවල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ මියගොස් ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.

    සැකකරු වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසිය පැවසිය.

    Latest News