ජය සැමරීමට සෞදියට නිවාඩුවක්

නොවැ 23, 2022

    සෞදි ආරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා අද (23) සෞදි අරාබියේ විශේෂ නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ අනුව සෞදි අරාබියේ රාජ්‍ය හා පෞද්ගලික යන අංශවල සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් මෙම නිවාඩුව අදාළ වන බවයි වාර්තා වන්නේ.

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 02-01 ක් ලෙස පරාජයට පත් කිරීමට සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

    Latest News