යේමනයේ අර්බුදයට සෞදියෙන් නව යෝජනාවලියක්

මාර් 23, 2021

    යේමන් අර්බුදය විසඳීම සඳහා සෞදි අරාබිය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

    මෙම නව සාම ක්‍රියාවලිය යටතේ එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන සටන් විරාමයක් සෞදි අරාබිය විසින් යෝජනා කර තිබේ.

    සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය සහ යේමනයේ හවුති කැරලිකරුවන් අතර ඇති වී තිබෙන ගැටලු මේ වන විට වසර 6කට වැඩි කාලයක් ගතවී තිබේ.

    ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දස දහස් ගණනක්. එසේම,අවතැන් වූ සංඛ්‍යාව මිලියන 20කට වැඩි බවයි,වාර්තා පෙන්වා දෙන්නේ.

    මෙම අර්බුදය විසඳීම සඳහා කිහිපවිටක්ම උත්සහ කළත් එය සාර්ථක නොවීය.

    මේ හේතුවෙන් යේමනය දැඩි අර්බුදයකට පත්ව ඇති අතර එරට ජනතාවගෙන් බහුතරයක් නිසි සැපයීම් නොමැති වීම් හේතුවෙන් ආහාර,ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දැඩි හිඟයකින් පසුවෙයි.

    Last modified on අඟහරුවාදා, 23 මාර්තු 2021 10:09

    Latest News