ක්‍රොඒෂියාවේ භූකම්පනයෙන් 7දෙනෙක් මියයයි

දෙසැ 30, 2020

    මධ්‍යම ක්‍රොඒෂියවේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයින් 7 දෙනෙක් මියගොස් තිබේ. භූමිකම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙස සටහන් විය.

    භූමිකම්පාවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි,වාර්තා වන්නේ. ගොඩනැගිලි රැසක් ද මුළුමනින්ම විනාශ වී තිබේ. ක්‍රොඒෂියානු හමුදාවේ සහය ඇතිව මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් නගර කිහිපයක සුන්බුන් ඉවත් කරමින් දිවිගලවාගත් පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටියි.

    නගර රැසක විදුලි ඇනහිටීම් ද වාර්තා වෙයි. එරට සැග්‍රෙබ් අගනුවරට සැතපුම් 30ක් පමණ ගිනිකොණ දෙසින් ඇතිවූ භූමිකම්පාව බෝල්කන් ප්‍රදේශයටද,බලපෑම් එල්ල කළේය. යුරෝපීය - මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනූව මේ වසරේ ක්‍රොඒෂියාවට බලපෑ ප්‍රබලතම භූ කම්පනය මෙයයි.

    ක්‍රොඒෂියානු අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ප්ලෙන්කොවිච් ප්‍රකාශ කර ඇත්තේ,වාර්තා වන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එසේම, පසු භූ කම්පන තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් ජනතාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස එරට බලධාරීන් දැනුම් දෙයි.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 11:31

    Latest News