කොරෝනාවලට වඩා ප්‍රබල මාරාන්තික වෛරසයක ලකුණු

දෙසැ 29, 2020

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිතවූවන් හය දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

    ඒ බව තහවුරු කර ගත් බවයි,ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කොරෝනා වෛරසයට වඩා තවත් ප්‍රබල සහ මාරාන්තික වෛරස ඉදිරියේ දී ඇතිවීමේ හැකිවාවක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් කියා සිටින්නේ,කොරෝනා වෛරසය යනු ඉදිරියේ ඇති විය හැකි වෛරස වලට පෙර සූදානමක් ලෙස සිතිය හැකි බවයි. මේ වන විට දකුණු අප්‍රිකාවෙන් සහ එංගලන්තයෙන් හමුවී ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පාලනය කිරීමට හැකි බවත් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ,කිසි ලෙසකින් මෙම සටන පරාජය විය නොහැකි බවයි.

    ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට අට කෝටි දහසය ලක්ෂ්‍ය ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව දාහත් ලක්ෂ අසූ එක් දහසක්. සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව මේ වන විට පන් කෝටි හැත්තෑ අට ලක්ෂයේ සීමාවට ආසන්න වී තිබේ. වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ එම අගය එක් කෝටි අනූ අට ලක්ෂයකට ආසන්න වී තිබේ. අමෙරිකාවේ මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් තුන් දහසකට අධිකයි.

    Last modified on අඟහරුවාදා, 29 දෙසැම්බර් 2020 12:39

    Latest News