නව කොරෝනා වෛරසය ආසාදිතයෙක් අමෙ‍රිකාවෙනුත්

දෙසැ 30, 2020

    බ්‍රිතාන්‍යයෙන් මුල්වරට ද සොයාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පළමු වරට අමෙරිකාවෙන් ද හඳුනාගෙන තිබේ.

    එරට කො‍ළරාඩෝ ප්‍රාන්තයේ තැනැත්තෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. වෛරස ආසාදිත තැනැත්තා කිසිඳු සංචාර ඉතිහාසයක් නොමැති කොළරාඩෝහි පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයෙක් බවයි,ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

    ඔහු මේ වන විට හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පුද්ගලයාගේ සමීප සබඳතා සොයා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි. මේ වන විට අමෙරිකාවේ සමස්ත කො‍රෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 99 ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

    ඉකුත් පැය 24 තුළ එරට අලුතින් කොරෝනා ආසාදිතයන් එක්‍ලක්ෂ 94,860 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ,එම කාලසීමාව තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 3,300ය ඉක්මවා ඇති පසුබිමකයි.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 11:10

    Latest News