ඇත්තටම කවුද මේ නත්තල් සීයා

දෙසැ 24, 2020

    නත්තල උදාවීමට ඇත්තේ තව පැය කිහිපයක්. ලොවපුරා කිතුණු බැතිමතුන් මෙවර එය සමරන්නේ, සෞඛ්‍ය ක්‍රමවේදවලට මුල්තැන දෙමින්. එහෙත් කුඩා ළමුන්ගේ වීරයා නත්තල් සීයායි.

    නත්තල උදාවත්ම ලොව බොහෝ රටවල දරුවන් නත්තල් සීයාගෙන් තෑගි බලාපොරොත්තුවෙන් සිටියි. මේ කතාව නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය පිළිබඳවයි. ක්‍රි.ව 3 වැනි සියවසේ තුර්කියේ ඉතා ධනවත් පවුලක ඉපදුනු නිකලස්ට ඔහු කුඩාකාලයේම සිය මව්පියන් අහිමි විය. ඒ සමගම ඔහු කුඩා කාලයේ දීම මහා ධනස්කන්ධයක හිමිකරු විය.

    කුඩා කාලයේ සිටම නිකලස් සමාජ සේවකයෙක්. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දුප්පතුන් කුඩා දරුවන්ට හා රෝගී වූවන් හට තම ධනය කිසිඳු පැකිලීමකින් තොරව වියදම් කිරීමයි. මුළු ජීවිත කාලය පුරාම කුඩා දරුවන්ගේ සතුට වෙනුවෙන් සහ ජනතා සුබ සිද්ධිය සඳහා කටයුතු කළ නිකලස් රදගුරුතුමා ක්‍රිස්තු වර්ෂ 343 දී දෙසැම්බර් 6 වැනිදා ස්වර්ගස්ත වූ පසු සාන්තුවරයෙක් බවට පත්විය.

    RTX1Z8H91 e1544445864716

    අද අප කතාකරන නත්තල් සීයා සංකල්පයේ මූලාරම්භය ශාන්ත නිකලස් චරිතාපදානයයි. එහෙත්,නත්තල් සීයා චරිතය ආරම්භ වන්නේ,ශාන්ත නිකලස්තුමා ස්වර්ගස්ත වී වසර 1300ක් පමණ ගතවූ පසු යුරෝපය හා බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගෙන. බ්‍රිතාන්‍යයේ නත්තලට තෑගි බෙදූ ෆාදර් ක්‍රිස්මස් යනුවෙන් හැඳන්වෙන් පුද්ගලයෙක් 16 වැනි සියවසේ දී බිහිවී තිබිණ. නෙදර්ලන්තය හා බෙල්ජියම ආශ්‍රිත උතුරු යුරෝපයේ නත්තල හා සම්බන්ධව සින්ටර්ක්ලාස් නමැති ත්‍යාගශීලියෙක් පිළිබඳ ජනප්‍රවාද පැවතිණ.

    intro 1606326049

    ඒ ශාන්ත නිකලස් චරිතය හා සම්බන්ධවයි. රුසියාවේ හිම සීයා චරිතයත් ඊට සම්බන්ධයි. මේ සියලු ජනප්‍රවාද එක්රැස් කර ගනිමින් වර්තමාන නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් 1773 දී අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් බිහි වෙයි. ඒ මුහුණ පුරා සුදු රැවුලක් සහිත රතු ලෝගුවකින් සැරසී පිනි මුවන් රංචුව සමඟ ලොව පුරා යමින් කුඩා දරුවන්ට තෑගි බෙදන නත්තල් සීයා ලෙසින්.

    ඔහු උත්තරධ්‍රැව ප්‍රදේශයේ ජීවත් වන බවයි, ජනප්‍රවාදයන්හි දැක්වුණේ. එම කතා පදනම් කර ගනිමින් උතුරු ෆින්ලන්තයේ ලැප්ලන්තය නම් ප්‍රදේශයේ පිහිටි රෝවිනියේමි නම් කුඩා නගරය 1985 දී නත්තල් සීයාගේ නිල වාසස්ථානය ලෙස නම් කරනු ලැබීය. ලොවපුරා සංචාරකයින් ලක්ෂ 5ක් පමණ සෑම වසරකම නත්තල් සීයාගේ ගම බලන්න පැමිණෙනවා. 1985 වසරේ පටන් ලෝකයේ රටවල් 198කින් නත්තල් සීයා වෙත සෑම වසරකම ලිපි මිලියන 15ක් ලැබී තිබේ.

    rovaniemi the official hometown of santa claus in finnish lapland 1

    Latest News