අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි

දෙසැ 24, 2020

    ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සිහිපත් කරන නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි.

    කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් උදා වන නත්තල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සමරන ලෙසයි, සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙන්නේ.

    සාමයේ පණිවුඩය රැගත් ‍ජේසුස් බිලිඳුන්ගේ අසිරිමත් උපත සිහිකිරීම නත්තලේ අරමුණයි. පවතින වාතාවරණය තුළ පෙර වසරවල දී මෙන් උත්සවකාරයෙන් නත්තල සැමරීමට මෙවර හැකියාවක් ‍නැහැ.

    ඒ හේතුවෙන්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙවර නත්තල තම පවුලේ පිරිස් සමග ගත කරන ලෙසයි,කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේය.

    Last modified on සිකුරාදා, 25 දෙසැම්බර් 2020 08:55

    Latest News