නත්තලට 175kgක කෙක් ගෙඩියක් (වීඩියෝ)

දෙසැ 07, 2021
  • එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලයෙන් කිලෝග්‍රෑම් 175 ක නත්තල් කෙක් ගෙඩියක් නිපදවයි.

    නුවරඑලිය ග්‍රෑන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙල කරනු ලබන මෙම විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිළියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් (07) දින එම හෝටල් පරිශ්‍රයේ දී සිදු කරනු ලැබුහ.

    ග්‍රෑන්ඩ් හෝටලයේ අනුරුව සහිතව පිලියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සඳහා පලතුරු වර්ග 12 ක් , කෙක් සදහා යොදා ගන්නා මධ්‍යසාර වර්ග 7 ක්, දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 ක් යොදා ගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිලියෙල කරනු ලැබුහ.

    ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදී විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සඳහා සහභාගි වු අතර , මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිළියෙල කර අවසන් කිරීමට නියමිතයි.

    පසුව නත්තල් උත්සව සමයේ ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණෙන සියළුම දෙස් විදෙස් සංචාරකයන්ට පිලිගැන්විමට සැලසුම් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021 12:40

    Latest News