නත්තලට කොළඹ ආරක්ෂාව තර කෙරේ

දෙසැ 23, 2021

    නත්තල් සමය හා නව අවුරුදු උදාව සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

    ඒ අනූව මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

    ජනාකීර්ණ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත් පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

    යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.

    Latest News