ජපානයේ අධික හිමපතනයෙන් වාහන දහසක් සිරවෙයි

දෙසැ 19, 2020

    ජපානයේ කනෙට්සු අධිවේගී මාර්ගයේ සිදුවූ අධික හිම පතතය හේතුවෙන් වාහන දහසක් පමණ එක පෙළට සිර වී දින දෙකක් පමණ එකම ආකාරයෙන් තිබෙන ආකාරය දැකගත හැකි වෙයි.

    මෙම අධිවේගී මාර්ගය මගින් සම්බන්ධ වන්නේ ටෝකියෝ අගනුවර සහ උතුරු ජපානයේ නීගාතා කලාපයයි.

    බදාදා දිනයේ ආරම්භ වූ මෙම හිම පතනය හේතුවෙන් ඉතා දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණේ ටෝකියෝ-නීගාතා අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල කරමින්.

    මෙය ආරම්භ වී තිබෙන්නේ දැඩි හිම පතනය නිසා ට්‍රේලර් වාහනයක් කැඩීයාම හේතුවෙනි.

    තවද කලාපයේ නිවාස 10,000කට අධික සංඛ්‍යාවකට මේ නිසා විදුලිය විසන්ධි වීම ද සිදුව තිබේ.

    වාහන එක බැගින් මුදා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

    ඒ සඳහා බරැති යන්ත්‍ර සූත්‍ර යොදාගනු ලැබේ.

    කෙසේ නමුත් ඊයේ දිනය වන විටත් වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් එකම තැන සිරවී තිබෙන ආකාරය දැකගන්නට ලැබිණි.

    Latest News