බ්‍රිතාන්‍ය රජයෙන් නත්තලටත් දැඩි නිරෝධායන නීති

දෙසැ 20, 2020

    'කොවිඩ් 19' වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ පුද්ගලයින් මිලියන 16කට අධික පිරිසක් නත්තල් සමයේ දී අගුලූ දැමීමකට ලක් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබේ.

    ඒ, එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ජාවකදී එළඹි තීරණයකට අනුවයි.

    ඒ අනුව නත්තල් සමයේදී ලිහිල් කිරීමට නියමිතව තිබූ නිරෝධායන රෙගුලාසි ද ලිහිල් නොකර සිටීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.

    ඒ හේතුවෙන් මිලියන 16කගේ නත්තල් සැලසුම් අවලංගු වුව ද මේ වනවිට එංගලන්තයේ පැතිර යන දෙවන කොවිඩ් රැල්ල සම්පේ‍්‍රෂණය වීමේ හැකියාව, පළමු කොවිඞ් රැල්ලට වඩා සියයට 70 කින් වැඩි බැවින් එම පියවර ගත් බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත්තේ.

    Latest News