ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය යළිත් වරක් තහවුරු වෙයි

දෙසැ 15, 2020

    අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය යළිත් වරක් තහවුරු වී තිබේ.

    ඒ, ඊයේ පැවති ඡන්ද විද්‍යාල මැතිවරණයෙන් පසුවයි.

    මෙම මැතිවරණයෙන් ‍ජෝ බයිඩන්ට මනාප 306ක් ලැබී ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ, මනාප 232ක් පමණි. අමෙරිකානු මැතිවරණ ක්‍රමය අනුව, ඡන්ද දායකයින් සිය මනාපය ලබා දෙන්නේ මෙම විද්‍යාල සභිකයින්ටයි. තේරී පත් වන සභිකයින් සහයෝගය දක්වන අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වනවා. එහෙත් ඔවුන් තම මනාපය සැබෑ ලෙසම ප්‍රකාශ කරන්නේ, මැතිවරණයෙන් සති කිහිපයකට පසුවයි. මෙම ඡන්ද ප්‍රකාශ කිරීමේ දී ප්‍රතිඵලයේ වෙනසක් ඇති වනු ඇති බවට ඇතැම් පිරිස් මත පළ කර තිබුණ ද එවැන්නක් සිදු වූයේ නැහැ.

    Latest News