කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන්

දෙසැ 15, 2020

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර එය වේගයෙන් ආසාදන වීම ඉහළ ගොස් ඇතැයි එරට රජය සදහන් කර ඇත.

    මේ හේතුවෙන් එර‍ට බලධාරීන් ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ COVID-19 සීමාවන්ට යටත් කර ඇත.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය සදුදා පවසා ඇත්තේ මෙම නව වෛරස් ප්‍රභේදය ඉහළ අනුපාතයකට වැළදීමේ අවදානමක් පවතින බවය.

    කෙසේ නමුත් මෙහි බරපතල රෝග ඇතිවීමට හෝ එන්නතකට ප්‍රතිචාර නොදක්වන බවට මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි අවස්ථා ප්‍රධානී මයිකල් රයන් පැවසුවේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබඳව ගෝලීය සෞඛ්‍ය ඒජන්සිය දැනුවත්ව සිටින බවත් වාර්තා වූ නව තත්ත්වයේ දී වෛරසයේ හැසිරීම තක්සේරු කිරීමට බ්‍රිතාන්‍ය සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් සමඟ කටයුතු කරන බවත්ය.

    Latest News