ගෝලීය ආසාදිතයින් පන් කෝටි 59 ලක්ෂය ඉක්මවයි

නොවැ 18, 2020

    අද වන විට සමස්ත ‍ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන් කෝටි 59 ලක්ෂය ඉක්මවා ‍ගොස් තිබේ.

    වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 13 ලක්ෂ 43,000කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ අලුතින් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ 57,261ක් හඳුනා ගෙන ඇති බවයි, නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

    අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි 16 ලක්ෂය ඉක්මවා ගිහින්. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 54,000 ඉක්මවා ගියේ,ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ 1,615ත් සමගයි.

    Last modified on බදාදා, 18 නොවැම්බර් 2020 10:55

    Latest News