පළමු කොරෝනා එන්නත කොහෙන්ද?

නොවැ 18, 2020

    මේ වන විට වෛරසය මර්දනය කිරීමට සාර්ථක බවට එන්නත් ද්විත්වයක් පමණ තහවුරු වී ඇති නමුත්,මෙම වසංගත තත්වය කිසිසේත්ම නොසලකා හැරීම සිදු නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රස් ඇඩනම් කියා සිටියි.

    ෆයිසර් සහ බයෝඑන්ටෙක් එන්නත 90%ක එලදායිතාවක් පෙන්වා ඇති අතර මොඩෙර්නා එන්නත 94.5%ක එලදායිතාවක් පෙන්වා ඇත. මේ අතර චීනයේ සීනෝවාක් සමාගම විසින් නිෂ්පාදිත කොරෝනා එන්නත ද වෛරස මර්දනයට සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි අද වාර්තා විය.

    කෙසේ වුවත්,වෛරසයේ දෙවැනි රැල්ලෙන් බලපෑම් එල්ල වූ ඉතාලියේ ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 32,191ක්,බ්‍රිතාන්‍යයේ 20,051ක් සහ ප්‍රංශයේ 14,524ක් හඳුනා ගෙන තිබේ.

    Last modified on බදාදා, 18 නොවැම්බර් 2020 10:49

    Latest News