එන්නත් මාත්‍රා 17,364,921 මේ දක්වා ජනතාවට

අගෝ 20, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 17,364,921ක් මෙරට ජනතාවට ලබා දී තිබේ. එන්නත් දෙකම ලබාගත් පිරිස 5,311,784ක්.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 2,519ක්. එහි දෙවැනි මාත්‍රා 511 දෙනෙකු ලබාගෙන තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 27,371ක් වන අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 17930ක්.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 1,392 දෙනෙකු ඊයේ ලබාගෙන තිබේ. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 2,205ක්.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 480 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව 71,314 දෙනෙකු ඊයේ ලබාගෙන තිබේ.

    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 161,677ක්. ඊයේ එන්නත් මාත්‍රා දෙලක්ෂ 13,737 ලබා දී තිබේ.

    Latest News